Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ශ්‍රී ලංකාව 3-2 කින් කටාර් රාජ්‍යය පරදවයි

ශ්‍රී ලංකාව 3-2 කින් කටාර් රාජ්‍යය පරදවයි

Nisanka Sandeepani - 2017 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ සුරබයා නුවරදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේ වටය යටතේ අද (27 වැනිදා) පැවැති තරගයකදී වට 3-2 ක් ලෙස කටාර් රාජ්‍යය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 

ලකුණු 25/19 ක් ලෙස පළමු වටය ජයගත් කටාර් රාජ්‍යය ආරම්භයේදීම තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. එහෙත් ඉතා තියුණු තරගයකින් අනතුරුව 26/24 ක් ලෙස දෙවැනි වටය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වට 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළහ. 

තෙවැනි සහ සිවුවැනි වට දෙකද ඉතා තියුණු මුහුවරක් ගත් අතර එහිදී ලකුණු 25/20 ක් ලෙස තෙවැනි වටයෙන් ජය ලැබූ ශ්‍රී ලංකාව වට 2-1 ක් ලෙස තරගයේ ඉදිරියට පැමිණීමට සමත් විය. 

කෙසේ වුවත් සිවුවැනි වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ කුවේට් රාජ්‍යය වට 2-2 ක් තරගය ලෙස සම තත්ත්වයට පත්කළේ එම වටයෙන් ලකුණු 25/23 ක ජයක් ලබමිනි.  

දෙපිලටම තීර්ණාත්මක වූ පස්වැනි සහ අවසන් වටයද ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ඉන් ජය ලැබීම සඳහා අවශ්‍ය වූ ලකුණු 15 සීමාවට කුවේට් රාජ්‍යයට පෙර ලඟා වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වට 3-2 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතු කරගත්හ. එම වටයේදී කුවේට් රාජ්‍යයට රැස්කරගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. 

ශ්‍රේණිගත කිරීමේ වටයේදී ‘ජී’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකාව සහභාගි වන මීලඟ තරගය අනිද්දා (29 වැනිදා) ඉන්දුනීසියා වේලාවෙන් පස්වරු 4.30 ට සවුදි අරාබියට එරෙහිව පැවැත්වේ. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 3-2 කින් කටාර් රාජ්‍යය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.