Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ශී‍්‍ර ලංකාවට පස්වැනි ස්ථානය

ශී‍්‍ර ලංකාවට පස්වැනි ස්ථානය

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශී‍්‍ර ලංකා වොලිබෝල් ඉතිහාසයේ පළමු වතාවට කොරියාව පරාජය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම කොළඹදී ඊයේ (13) නිමාවට පත්වූ 10 වැනි ආසියානු යොවුන් බාලක වොලිබෝල් ශූරතාවලියේ පස්වැනි ස්ථානය ලැබීය. මෙම තරගාවලි ඉතිහාසයේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් ඉහළම ස්ථානය ලෙස එය සටහන්වේ.

පස්වැනි ස්ථානය තෝරාගැනීම සඳහා ඊයේ පැවති ශ්‍රේණිගත කිරීමේ තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු (21/25), (25/21), (25/22), (23/25) සහ (23/2) ක් පරිදිය. එය මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අධිෂ්ඨානය පිළිබිඹු කළ තවත් තරගයක් විය.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරගයේදී මුල්වට දෙකම පිට පිටම පරාජයට පත්ව තිබියදී අනතුරුව පැවති වට තුනම ජය ගනිමින් තරගයේ තරගයේ ජය තමන් වෙත නතුකර ගත්තේය.
 
කොරියා - ශ්‍රී ලංකා තරගයේදී ප‍්‍රධාන විනිසුරු සමග බහින් බස්වූ කොරියානු කී‍්‍රඩකයෙකුට එරෙහිව විනය පියවර ගැනීම සඳහා අන්තර් ජාතික වොලිබෝල් සම්මේලනයට පැමිණිලි කළ බව තරගාවලියේ විනිසුරු, කළමනාකරු පි‍්‍රයන්ත සෙනෙවිරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සත්කාරය දැරූ මෙම තරගාවලියේදී පස්වැනි ස්ථානය ඉහළ දස්කම් දැක්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස චාල්ස් තිලකරත්න මහතා කටයුතු කළේය. වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ සිසුවකු වන ෂෙහාන් මධුශංඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය. කොරියාව පරාජයට පත්කළ තරගයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස චමුදිත සුදර්ශන නම්කෙරිණ.

සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී  රටවල් 15 ක සහභාගීත්වයෙන් පෙරේදා නිමාවට පත්වූ තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉරානය තරග වට වට 3x0 ක පහසු ජයක් ලබාගත්තේය.

තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් වට 3/1 ක ජයක් ලබාගැනීමට චීනය සමත් විය. ඒ ලකුණු (24/26), (25/19), (25/21) සහ (25/18) ක් පරිදි චීන - තායිපේ පරාජයට පත්කරමිනි.

මෙම තරගාවලියේදී ශූරතාව දිනාගත් ඉරානය, අනුශූරතාව ලද ජපානය සහ තෙවැනි ස්ථානය ලද චීනය එළඹෙන ලෝක යොවුන් බාලක වොලිබෝල් ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.

එහි විශේෂත්වය එම රටවල් තුන පසුගිය තරගාවලියේදීත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමය. ශ්‍රී ලංකාව එහිදී හයවැනි ස්ථානය ලැබීය. මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව පළමු වතාවට එහිදී රටවල් පහක් පරාජය කිරීමට සමත් වීමය.

 

ආසියානු යොවුන් වොලිබෝල් අවසන් තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (2)

ශී‍්‍ර ලංකාවට පස්වැනි ස්ථානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.