Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner සිල්ක් ජීව කාල සම්මානය අර්ජුනට

සිල්ක් ජීව කාල සම්මානය අර්ජුනට

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


පළමු වතාවට පැවැති ‘සිල්ක්’ සම්මාන උළෙලේදී ජීව කාල සම්මානයට හිමිකම් කීමට අර්ජුන රණතුංග සමත් විය. 1996 දී ලෝක කි‍්‍රකට් කුසලාන ශී‍්‍ර ලංකාවට දිනා දීම වෙනුවෙන් අරජුන රණතුංග මහතා මෙම සම්මානයට හිමිකම් කීවේය.

වසරේ හොඳම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස කුමාර් සංගක්කාරද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ විශිෂ්ටතම කී‍්‍රඩකයා ලෙස මුත්තයියා මුරලිදරන්ද විශේෂ සම්මාන දිනාගත්හ. ශ්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් දැක්වූ විශිෂ්ටතම සහයෝගය -වෙනුවෙන් පර්සි අබේසේකර මහතාටත් විශේෂ සම්මානයක් හිමිවිය.

ඉකුත් වසරේදී (2014) කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ දක්ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්, පුහුණුකරුවන් හා කී‍්‍රඩා පරිපාලන නිලධාරීන් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්විණ.

මෙහිදී ප‍්‍රදානය කෙරුණ ප‍්‍රධානම සම්මාන වූ, සම්මාන ලාභියෙකු ජීවිත කාලය පුරා එක් වරක් පමණක් ලබන ”සිල්ක්” ජීව කාල සම්මානය සඳහා අර්ජුන රණතුංග මහතා සහ 2000 වසරේ පැවැති සිඞ්නි ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදුන් සුසන්තිකා ජයසිංහ මහත්මිය නිර්දේශ වී සිටියහ.

එහෙත් අර්ජුන රණතුංග මහතා තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ බවත් එම සම්මානය ලබාගත හැක්කේ ජීවිත කාලය පුරාම එක වරක් පමණක් වීම නිසාත් එම සම්මානය තමන්ට පෙර අර්ජුන රණතුංග මහතාට පිරිනමන ලෙසත්  සුසන්තිකා ජයසිංහ මහත්මිය තමන්ගෙන් ඉල්ලීමක් කළ බව සිල්ක් සම්මාන උළෙලේ ප‍්‍රධාන සංවිධායක සහ අධ්‍යක්‍ෂ තිලාන් රංගන මහතා ලංකාදීපට පැවසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගිය සෙනසුරාදා පැවැති මෙම සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආරාධනා ලැබ සිටියේය. එහෙත් අගමැතිවරයාගේ විශේෂ නියෝජිතයා වශයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහභාගී විය.

ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති නිමල් ලෙව්කේ මහතා ඇතුළු කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් අට දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් මෙම සම්මාන උළෙලේ සම්මානලාභීන් නිර්දේශ කරනු ලැබිණ.  


වසරේ සම්මාන ලාභියෝ

හොඳම සමාජ සත්කාරක සංවිධානය - ගුණ ජය සතුට පදනම
හොඳම කී‍්‍රඩා වාර්තාකරණය - ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
හොඳම කී‍්‍රඩා පුවත් සම්පාදනය - හිරු ටීවි පුවත් අංශය
හොඳම කී‍්‍රඩා මාධ්‍යවේදියා (ඉංගී‍්‍රසි) - රීමස් ප‍්‍රනාන්දු (අයිලන්ඞ් පුවත්පත)
හොඳම කී‍්‍රඩා මාධ්‍යවේදියා (සිංහල) - ධම්මික රත්නවීර (රිවිර පුවත්පත)
හොඳම කී‍්‍රඩා වැඩසටහන් මෙහෙයවන්නා - මංජු තේනුවර (සිරස නාලිකාව)
හොඳම කී‍්‍රඩා විස්තර විචාරකයා - පේ‍්‍රමසිරි ඈපාසිංහ
හොඳම කී‍්‍රඩා විශ්ලේෂකයා - චන්ද්‍රිශාන් පෙරේරා
හොඳම කී‍්‍රඩා සංගීත වීඩියෝව - කිරුළ ගෙනෙමු (සෙන්ටිගේ‍්‍රඞ්ස් කණ්ඩායම)
හොඳම කී‍්‍රඩා ඡුායාරූප මාධ්‍යවේදියා - සංඛ විදානගම (සිලෝන් ටුඬේ/මව්බිම පුවත්පත්)
හොඳම කී‍්‍රඩා වෙබ් අඩවි මාධ්‍යවේදියා - ඇන්ඩෘ ෆිඩෙල් ප‍්‍රනාන්දු (කි‍්‍රක්ඉන්ෆෝ වෙබ් අඩවිය)
කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ සුවිශේෂී දක්ෂතා (රජයේ පාසල්) - කොළඹ රාජකීය විදුහල
කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ සුවිශේෂී දක්ෂතා (ජාත්‍යන්තර පාසල්) - වත්තල ලයිසියම් විදුහල
කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ සුවිශේෂී දක්ෂතා (කී‍්‍රඩා සමාජය) - බදුරලිය කී‍්‍රඩා සමාජය
හොඳම නැගී එන කී‍්‍රඩිකාව - යමානි දුලංජලී
හොඳම කී‍්‍රඩා කතෘවරයා සහ ප‍්‍රකාශනය - සරත් ජයසිංහ
හොඳම කී‍්‍රඩා ප‍්‍රකාශකයා - එස්. ගොඩගේ ප‍්‍රකාශකයෝ
හොඳම කී‍්‍රඩකයා - කුමාර් සංගක්කාර
හොඳම කී‍්‍රඩිකාව - ශෂිකලා සිරිවර්ධන
හොඳම කී‍්‍රඩා ආගමනය - අනුරාධ ඉන්ද්‍රිජිත් කුරේ
හොඳම කී‍්‍රඩා පරිපාලකයා - ආනා පුංචිහේවා
හොඳම ආබාධිත කී‍්‍රඩකයා - ප‍්‍රදීප් සංජය
හොඳම විනිසුරුවරයා - කුමාර් ධර්මසේන
කී‍්‍රඩාව වෙනුවෙන් කළ විශිෂ්ටතම කැපකිරීම - දිනේෂ් චන්දිමාල්
කී‍්‍රඩාව වෙනුුවෙන් ලබාදුන් විශිෂ්ටතම දායකත්වය - කොළඹ ආනන්ද විදුහල
හොඳම සන්නද්ධ සේවා කී‍්‍රඩිකාව - නිමාලි ලියනආරච්චි
හොඳම පාසල් පුහුණුකරුවා - සුසන්ත ප‍්‍රනාන්දු


විශේෂ සම්මාන ලාභියෝ

හොඳම ශී‍්‍ර ලංකා නියෝජනය - ඩිලන්ත මාලගමුව
කී‍්‍රඩාව වෙනුවෙන් කරන විශිෂ්ටතම කැපකිරීම - ශ්‍රී ලංකා ද්‍රෂ්‍යාබාධිතයනගේ කි‍්‍රකට් කණ්ඩායම
ශ්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් දැක්වූ විශිෂ්ටතම සහයෝගය - පර්සි අබේසේකර
එදා මෙදා තුර හොඳම කී‍්‍රඩා කණ්ඩායම - 1996 ලෝක කුසලාන කි‍්‍රකට් කණ්ඩායම
කී‍්‍රඩාවේ නව ප‍්‍රවනතා සඳහා වූ සම්මානය - 2014 විස්සයි20 ලෝක කුසාලන කි‍්‍රකට් කණ්ඩායම
ශ්‍රී ලංකාවේ හොඳම ක‍්‍රිකට් කී‍්‍රඩකයා - මුත්තයියා මුරලිදරන්
හොඳම ගවේෂණාත්මක කී‍්‍රඩා මාධ්‍යවේදියා - ටිරන් බංගගමආරච්චි (රාවය පුවත්පත)
ශ්‍රී ලංකාවේ කී‍්‍රඩාවට දැක්වූ මහඟු දායකත්වය - ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
සිල්ක් ජීව කාල සම්මානය - අර්ජුන රණතුංග

 


- 036

 


අදහස් (1)

සිල්ක් ජීව කාල සම්මානය අර්ජුනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.