Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ඉරාකය - සෞදි අරාබිය අවසන් සටනට

ඉරාකය - සෞදි අරාබිය අවසන් සටනට

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් පූර්ව වටයේදී ඉරාකය හමුවේ වට 3/1 කින් පරාජයට පත්වීම නිසා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී දැන් පැවැත්වෙන පළමු ආසියානු සමුළු අභියෝග ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය. කෙසේ වුවත්  අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉරාකයට එරෙහිව තියුණු සටනක් දීමට සමත්වූ අතර එහිදී පළමු වටයේ ජය අත්කර ගත්තේද ශ්‍රී ලංකා කණ්ඩායමයි. 

ලකුණු 25/22, 24/26, 20/25 සහ 20/25 ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් කළ ඉරාක ක්‍රීඩකයෝ හෙට (21) පස්වරු 4.30ට සුගතදාස ගෘහස්ත පිටියේදී පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් සපුරා ගත්හ.  අද රාත්‍රියේදී පැවැති අනෙක් අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම තරග වට 3-0 කින් පරාජය කළ සෞදි අරාබි කණ්ඩායම සහ ඉරාකය අතර අවසන් මහ තරගය පැවැත්වේ. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තෙවනි ස්ථානය තේරීමේ තරගය හෙට පස්වරු 2.00 ට පැවැත්වේ. 

 

 


අදහස් (0)

ඉරාකය - සෞදි අරාබිය අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.