Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේදී දැන් පැවැත්වෙන ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ චීනය අතර කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී අද (09) පැවැති ‘සුපිරි අට’ වටයේ තරගයෙන් චීන ක‍්‍රීඩකයෝ වට 3-0 ජයක් ලැබීමට සමත් වූහ.
පළමු වටයේ තරග තුනම ජය ලබා මෙම තරගයට පිවිසි ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් ප‍්‍රබල චීන පිල හමුවේ හොද තරගයක් ලබාදීම කැපී පෙනුණි. එහිදී ශ්‍රී ලංකා පිල 19-25, 21-25 සහ 23-25 ක් ලෙස තරගය අවසන් කළේය.
මෙහිදී චීන පිලේ ක‍්‍රීඩකයන්ගේ උස ශ්‍රී ලංකා පිලට ප‍්‍රබලතම අභියෝගය බවට පත්විය. චීන ක‍්‍රීඩකයන් සිවුදෙනකුම අඩි 6 යි අගල් 6 ක් ඉක්මවා තිබීම මෙහිදී කැපී පෙනුණි.
ශ්‍රී ලංකා පිලට උසින් වැඩි චීන ක‍්‍රීඩකයන්ගේ ආවරණ මග හැර ඩෑෂ් ප‍්‍රහාරයට උපක‍්‍රමයක් සෙවීමට සිදුවූ අතර එහිදී පන්දුව දිගු සෙවීම් ලෙස සකස් කිරීම තෝරා ගත්ත ද බොහෝ අවස්ථාවලදී ඩෑෂ් පහර ක‍්‍රීඩාංගණයෙන් ඉවත පතිත විය.
චීන ක‍්‍රීඩකයන්ට සාපේක්‍ෂව උසින් සහ ශරීර ප‍්‍රමාණයෙන් අඩු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට වැඩි වේගයකින් යුත් ඩෑෂ් පහර වැලැක්වීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තෙවැනි වටය ලකුණු 23-25 ක් ලෙස අවසන් කිරීම කැපී පෙනුණි. එම වටයේ දෙවැනි තාක්‍ෂණික කෙටි විවේකය වන විට චීනය ලකුණු 16-13 ක් ලෙස පෙරමුණේ සිටිය ද ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 18-18 ක් ලෙස සම තත්ත්වයට පත්කරමින් බලාපොරොත්තු ඉහළ නැංවූහ. ලකුණු 23-24 ක්ව තිබියදී චීනය කෙටි වේකයක් ද ලබා ගත්තේය.
පළමු වටයේ පළමු තාක්‍ෂණික කෙටි විවේකය වන විට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 8-7 ක් ලෙස පෙරමුණේ සිටිය ද, අනතුරුව ඉදිරියට පැමිණීමට නොහැකි විය.
දෙවැනි වටය ද ආරම්භයේ සිට ඉතාමත් තියුණු එකක් වූ අතර තරගය පුරාම ලකුණු පරතරය දෙකේ පැවැති අතර අවසන් ලකුණු කීපයේදී චීනය පෙරමුණය පරතරය වැඩි කර ගත්තේය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් අතරින් තරගය පුරාම රෙහාන් මධුසංඛ ක‍්‍රීඩාංගණයේ සෑම ස්ථානයකදීම ඩෑෂ් පහරවලට යොමු වෙමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩකයන් 11 දෙනකු පමණක් ඇතුළත්ව සිටීම මෙහිදී සැළකිය යුතු තත්ත්වයක් වන අතර එහිදී පුහුණුකරුට තරගයට සරිලන ආදේශ කිරීමට ක‍්‍රීඩකයන් නොසිටි බවට එහිදී හැගී ගියේය. අවස්ථා දෙකකදී අඩි 5 කට වඩා උසින් අඩු ක‍්‍රීඩකයකු ආදේශ කළ අතර ඔහු කිසිසේත්ම චීනයට එරෙහිව තරගයට සුදුසු නොවන බව පෙනුණි.
ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු චාල්ස් තිලකරත්න මහතා තරගයෙන් පසුව පැවසුවේ චීන පිලේ උස ක‍්‍රීඩකයන්ගේ ඉහළින් පැමිණෙන පන්දු පිරිනැමීම ශ්‍රී ලංකා පිලේ උසින් අඩු ක‍්‍රීඩකයන්ට අභියෝගයක් වූ බවයි.
‘සුපිරි අට’ වටයේදී ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවැනි සහ අවසන් තරගය හෙට (10) පස්වරු 2.00 ට චීන තායිපේ පිලට එරෙහිව පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.