Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ජෝෂප් වාස් ක්‍රීඩකයෝ 18 න් පහළ ශුරතාව දිනති

ජෝෂප් වාස් ක්‍රීඩකයෝ 18 න් පහළ ශුරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩී. එස්. අයි. සුපර් ස්පෝට්ස් පාසල් වොලිබෝල්  තරගමාලාවේ වයස 18 න් පහළ බාලක ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල් ක්‍රීඩකයෝ සමත්වුහ. තරගමාලාවේ 18 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩ දෙකේ (බාලක/බාලිකා) අවසන් මහා තරග අද (16) පස්වරුවේ මහරගම තරුණ සේවා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

වයස් කාණ්ඩ තුනක බාලක සහ බාලිකා අංශ දෙකින් අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබාගත් නාත්තණ්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයට අවසන් මොහොතේ දිනා ගැනීමට තිබු 18 න් පහළ බාලක ශූරතාව ද අහිමිව ගියේ වට පහක් පුරා පැවැති තියුණු තරගයකින් පසුවය. ධම්මිස්සර විද්‍යාලය වයස 16 න් පහළ බාලක, 18 න් පහළ බාලිකා සහ 18 න් පහළ බාලක යන වයස් කාණ්ඩ තුනේ අනුශූරතාව ලැබු අතර 14 න් පහළ බාලක තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීය.

ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහල අතර පැවැති 18 න් පහළ බාලක අවසන් මහා තරගයෙන් වට 3-2 ක ජයක් ශාන්ත ජෝශප් වාස් විදුහල ලැබීය. ලකුණු 25/20, 22/25, 25/19, 21/25 ක් සහ 15/6 ක් ලෙස ශාන්ත ජෝශප් වාස් ක්‍රීඩකයෝ ජයගත්හ.

සිවුවැනි වටයේදී කළ කරට කර සටනකින් පසුව ධම්මිස්සර විද්‍යාලය ලකුණු 25/21 කින් ජයගත් නමුත් තීරණාත්මක පස්වැනි සහ අවසන් වටය නිම වුයේ ශාන්ත ජෝශප් වාස් විදුහල් කණ්ඩායමට ලකුණු 15/6 ක පහසු ජයක් අත්කර දෙමිනි.

ඩී. එස්. අයි. සුපර් ස්පෝට්ස් පාසල් වොලිබෝල්  තරගාවලිය අවසන් වරට පැවැති අවස්ථාවේද (2013 දී) වසරේ පැවැති තරගමාලාවේදී 18 න් පහළ බාලක තෙවැනි ස්ථානය හිමිකර ගත්  ශාන්ත ජෝශප් වාස් විදුහලට මෙවර ජයග්‍රහණය හිමිකර ගෙන තිබෙන්නේ කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයන් දෙදෙනකු නොමැතිවය.

මේ දිනවල චීන තායිපේ හිදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නුවන් තාරක සහ සජිත් රොෂාන්, ජෝශප් වාස් විදුහල් ක්‍රීඩකයෝ වෙති.

එමෙන්ම ජෝශප් වාස් විදුහලේ ප්‍රධාන පුහුණුකරුවාද ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස සංචාරයට සහභාගිවී තිබියදී විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායමේ සහය පුහුණුකරු මෙන්ම සහකාර විදුහල්පතිවරයාද වන ගැමුණු කුමාර මහතාගේ උපදෙස් මත ජෝශප් වාස් ක්‍රීඩකයන් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීම කැපී පෙනේ.

වයස 18 න් පහළ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකර ගත්තේ ශාන්ත ජෝශප් වාස් විදුහලේ දමිඳු රසාංජන පීරිස් විසිනි.

ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායමේ කේ. ශෙහාර මධුෂංක ප්‍රනාන්දු දක්‍ෂතම පන්දු ඔසවන්නා ලෙස ද, නාත්තණ්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ කේ. ශෙහාන් ධනංජය දක්‍ෂතම ප්‍රහාරකයා ලෙසද තේරීපත්වුහ.

තරගමාලාවේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ජෝශප් වාස් විදුහල් වයස 18 න් පහළ කණ්ඩායමේ නිමේෂ් ප්‍රියමන්ත සම්මාන ලැබීය.

ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය 18 න් පහළ බාලිකා ශූරතාව දිනා ගත්තේ ධම්මිස්සර විද්‍යාලය වට 3/0 කින් පරදවමිනි. ලකුණු 25/7, 25/13 ක් සහ ලකුණු 25/17 ක් ලෙස ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය පහසු ජයක් ලැබීය.

තරගමාලාවේ මෙන්ම වයස 18 න් පහළ බාලිකා දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ගලිගමුව විද්‍යාලයේ එම්. පී. එස්. එම්. ගුණවර්ධන සම්මාන ලැබුවාය. ගලිගමුව විද්‍යාලයේම ක්‍රීඩිකාවන් වන එම්.පී.එස්.ප්‍රියදර්ශනී විජේසිංහ සහ සී.එම්.කාරියවසම් පිළිවෙලින් දක්‍ෂතම පන්දු ඔසවන්නිය සහ දක්‍ෂතම ප්‍රහාරිකාව ලෙස සම්මාන ලැබුහ.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

බාලක ශූරතාව (18න් පහළ) දිනාගත් වෙන්නප්පුව ශා.ජෝෂප් වාස් විදුහල් කණ්ඩායම

බාලිකා ශූරතාව (18න් පහළ) දිනාගත් ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම

බාලක අනුශූරතාව (18න් පහළ) හිමිකරගත් නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල් කණ්ඩායම

බාලිකා අනුශූරතාව (18න් පහළ) හිමිකරගත් නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල් කණ්ඩායම
(ඡායාරූප - සජීක ජයසිංහ)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ඡායාරූප - සජීක ජයසිංහ)


අදහස් (0)

ජෝෂප් වාස් ක්‍රීඩකයෝ 18 න් පහළ ශුරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.