Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ඩී.එස්.අයි. කුසලාන වොලිබෝල් තරග මාලාවේ ජාතික තරග වටය ලබන මස 14 වැනිදා මාදම්පේ සේනානායක මැදි විදුහල් පිටියේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. එම තරග එදින සිට ජූලි 14, 15, 16, 21, 22, 23, 24 යන දිනවලදී මාදම්පේ සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’ට පැවසුවේ, එහිදී එකකින් කණ්ඩායම් 100 ක් බැගින් වයස් කාණ්ඩ පහකින් (බාලක සහ බාලිකා) දිස්ත්‍රික් ශූරයන් හා අනු ශූරයන් බවට පත්ව සිටින කණ්ඩායම් 500 ක් මෙම තරගාවලිය සඳහා සහභාගී වන බවයි.
ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ සහයෝගයෙන් ඩී.එස්.අයි. පාවහන් සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 18 වැනි වතාවටත් මෙම තරගාවලිය සංවිධානය කරයි.
තරග මාලාවේ අවසන් මහ තරග අගෝස්තු 3 සහ 4 යන දිනවල මහරගම තරුණසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සියලුම අවසන් මහ තරග සජීවීව රූපවාහිනියෙන් විකාශය කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ.එස්. නාලක මහතා වැඩිදුරටත් පැවසීය.
ජූලි 14, 15, 16 යන දිනවල වයස 11න් පහළ හා 13න් පහළ බාලක හා බාලිකා ජාතික තරග වටය පැවැත්වේ. ජූලි 21, 22, 23, 24 යන දිනවල වයස 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ බාලක හා බාලිකා ජාතික තරග වටයේ තරග පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.