Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ (පිරිමි) ශූරතාව ආරාධිත කණ්ඩායමක් වන පාකිස්තානු යුද හමුදා කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.
යුද හමුදාවේ ආරාධනාවකට අනුව දිවයිනට පැමිණි පාකිස්තානු යුද හමුදා කණ්ඩායම මෙම තරගාවලියට එක්ව සිටියේය. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාව විසින් මෙවර තරගාවලිය සංවිධානය කරන ලදි.
මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති අවසන් මහා තරගයේදී යුද හමුදා පාබල හමුදා කණ්ඩායම තරග වට 3-1 කින් පරාජය කිරීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය. යුද හමුදා සේවා බලකා කණ්ඩායම තෙවැනි ස්ථානය ලැබීය.
තරගාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායක හා ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්. සී. පී. ගුණතිලක මහතා සහභාගිවිය.
යුද හමුදා II වැනි කාන්තා බලකා කණ්ඩායම සහ යුද හමුදා IV වැනි කාන්තා බලකා කණ්ඩායම කාන්තා ශූරතාවය සදහා තරග වැදුණි. ඉන් තරග වට 3-2 ක් ලෙස තියුණු තරගයකින් පසුව ජය ගැනීමට IV වැනි කාන්තා බලකා කණ්ඩායම සමත්විය.
පොදු සේවා බලකා කණ්ඩායමට තෙවැනි ස්ථානය හිමිවිය.
‘ඒ ’කාණ්ඩයේ ශූරතාවය ජාතික ආරක්‍ෂක බළමුළු කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර අනු ශූරතාවය ඉංජිනේරු රෙජිමේන්තුවට හිමිවිය. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කණ්ඩායමට හිමි වුයේ තෙවැනි ස්ථානයයි.
- 090
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.