Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner වයස් කාණ්ඩ 4 කින් ශූරතා දිනති

වයස් කාණ්ඩ 4 කින් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රවීනයන්ගේ ජාතික වොලිබෝල් තරඟාවලියේ ශූරතා දිනාගැනීමට සිවිල් ආරක්‍ෂක බලකාය, රත්නපුර දිස්ත්‍රික් ඒකාබද්ධ කණ්ඩායම, මිරිහාන එක්සත් කණ්ඩායම සහ කටුනායක ඒකාබද්ධ කණ්ඩායම සමත් විය.

දෙදිනක් පුරා රත්නපුර සීවලී මහජන ක්‍රීඩාංගනයදී පැවැති මෙම තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා වශයෙන් මිරිහාන කණ්ඩායමේ ක්‍රීඩක ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය ප්‍රියශාන්ත තිසේරා සම්මාන දිනාගත්තේය. විසි හත්වැනි වතාවටත් පැවැති මෙම තරඟාවලිය සමස්ත ලංකා ප්‍රවීනයන්ගේ ජාතික වොලිබෝල් සංගමය සහ රත්නපුර දිස්ත්‍රික් ප්‍රවීනයන්ගේ වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරන ලදි.

වයස අවරුදු 35 න් ඉහළ කාන්තා අවසාන මහා තරඟයදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම පරාජය කරමින් සිවිල් ආරක්‍ෂක බලකා කණ්ඩායම ජයග්‍රහණය කළේය. එහිදී තරඟවට දෙකකදී 25-23 ක් සහ 25-10 ක් වශයෙන් ජයගැනීමට සිවිල් ආරක්‍ෂක බලකා කණ්ඩායම සමත් විය.

වයස අවුරුදු 60 න් ඉහළ පිරිමි වොලිබෝල් තරඟාවලියේ අවසන් තරගයේදී රත්නපුර දිස්ත්‍රික් ප්‍රවීනයන්ගේ වොලිබෝල් කණඩායම විසින් මීගමුව ඒකාබද්ධ කණ්ඩායම පරාජය කරන ලදි. අවසන් මහා තරගයේ තරගවට තුනෙන් තරගවට දෙකකදීම 25-16 ක් සහ 25-17 ක් වශයෙන්  ලකුණු ලබා ගනිමින් රත්නපුර දිස්ත්‍රීක් ප්‍රවීනයන්ගේ කණ්ඩායම ශූරතාවය දිනාගත්තේය.

අවුරුදු 50-59 වයස් කාණ්ඩ පිරිමි වොලිබෝල් තරඟාවලියේ අවසන් මහ තරගයේදී මිරිහාන එක්සත් කණ්ඩායම විසින් අත්තනගල්ල කණ්ඩායම පරාජය කරමින් ශූරතාව දිනාගත්තේය. අවසන් මහ තරගයේදී ලකුණු 26-21 ක් සහ 24-16 ක් ලෙසින් ජයග්‍රහණය කළ මිරිහාන එක්සත් කණ්ාඩායම ශූරතාවය හිමිකරගත්තේය.  

කටුනායක ඒකාබද්ධ කණ්ඩායම සහ බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම අතර පැවති අවුරුදු 40-49 වයස් කාණ්ඩයේ (පිරිමි) අවසාන මහා තරගය පැවැත්විනි. එහිදී තරගවට දෙකකදී ලකුණු 25-23 ක් සහ 25-22 ක් වශයෙන් ජයගත් කටුනායක ඒකාබද්ධ කණ්ඩායම ශූරතාව දිනාගත්තේය.

වයස අවරුදු 35න් ඉහළ කාන්තා තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව වශයෙන් සුගන්දිකා නයෝමි කුසලාන දිනාගත්තාය. වයස අවුරුදු  අවුරුදු 60 න් ඉහළ වොලිබොල් පිරිමි තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස  ඩබ්ලිව්.එස්.සුගතපාල කුසලාන දිනාගත්තේය. අවුරුදු 40-49 වයස් කාණ්ඩයේ වොලිබෝල් තරඟයේ දක්‍ෂතම ක්‍රීඩකයා වශයෙන් ඩබ්ලිව්.සුසන්ත පෙරේරා කුසලාන දිනාගත්තේය. අවුරුදු 50-59 වයස් කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩකයා වශයෙන් මිරිහාන කණ්ඩායමේ ප්‍රියශාන්ත තිසේරා සම්මාන දිනාගත්තේය.

තරඟාවලියේ සමාප්ති උත්සවය රත්නපුර දිස්ත්‍රික්කයේ වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා කළ මෙහෙවර අගයමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා විසින් ප්‍රවීන වොලිබෝල් ක්‍රීඩක විමල් අමරසිංහ මහතා වෙත සුවිශේෂී උපහාර තිලිණයක් ප්‍රවීන වොලිබෝල් ක්‍රීඩක විමල් අමරසිංහ මහතා වෙත සුවිශේෂී උපහාර තිලිණයක් ප්‍රදානය කරන ලදි. විමල් අමරසිංහ මහතා  ප්‍රවීන වොලිබෝල් ක්‍රීඩකයෙකු මෙන්ම ජ්‍යාත්‍යන්තර වොලිබොල් තරඟ තීරකයෙකුද වෙයි.
 
තරගාවලියේ සමාප්ති උළෙල පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහ සබරගමු පළාත් සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පළාත් සභා මන්ත්‍රී යෙහියා ඉෆ්ලාර් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා  විසින් තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ජය සංකේත සහ ශූරතා කුසලාන ප්‍රදානය කෙරිණි.

 

ප්‍රවිනයන්ගේ ජාතික වොලිබෝල් සමස්ත තරඟාවලියේම දක්‍ෂතම ක්‍රීඩක වෛද්‍ය ප්‍රියශාන්ත තිසේරා සහ 
විවිධ වයස් කාණ්ඩවල දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා පිරිස ජය සමරු කුසලාන අතැතිව

වයස 50- 59 කාණ්ඩයේ ජය ලද මිරිහාන එක්සත් කණ්ඩායම

 

(ඡායාරූප : රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)

 

 


අදහස් (0)

වයස් කාණ්ඩ 4 කින් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.