Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner වරාය කී‍්‍රඩකයෝ ශූරතාව රැකගනිති

වරාය කී‍්‍රඩකයෝ ශූරතාව රැකගනිති

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සුපර් ලීග් මංචි කුසලාන ජාතික වොලිබෝල් තරගමාලාවේදී තමන් සතුව තිබූ පිරිමි ශූරතාව රැකගැනීමට වරාය අධිකාරි කණ්ඩායම සමත් විය. අවසන් මහ තරගේදී වරාය අධිකාරි කණ්ඩායම විසින් ලකුණු 33/31, 23/25, 25/20, 25/18 ක් වශයෙන් යුද හමුදා කණ්ඩායම පරාජය කරන ලදී.

විදේශසේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම විසින් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගන්නා ලදී. අවසන් මහ තරගයේදී විදෙස් සේවා කාර්යාංශ කණ්ඩායම විසින් ලකුණු 22/25, 25/23, 25/14, 25/23 ක් වශයෙන් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරන ලදී.

මහරගම තරුණසේවා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති සුපර් ලීග් වොලිබෝල් තරගමාලාවේ අවසන් තරග පැවැත්විණ.

ගියවර කාන්තා ශූරතාව දිනාගත් ගුවන් හමුදා කණ්ඩායම මෙවර අවසන් මහ තරගයේදී පරාජය කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම සුපර්ලීග් ජාතික වොලිබෝල් තරගාවලියේ අලූත්ම ශූරියන් බවට පත්විය.

මෙවර තරගමාලාවේ අවසන් මහ තරග දෙකම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී අවසන් වූ තරග දෙක පැය 4යි විනාඩි 50 කට ආසන්න කාලයක් පැවැත්වීමෙන් එය පැහැදිලි වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් බිස්කට් සමාගමේ අනුග‍්‍රහයෙන් මෙවරත් සංවිධානය කළ ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා හා පිරිමි තරග වටයට සහභාගී වූ කණ්ඩායම් ගණන 24 කි.

අවසන් මහා තරග සඳහා සහභාගී වූ කණ්ඩායමේ හතරේම කී‍්‍රඩක කී‍්‍රඩිකාවේ රැසක් ජාතික මට්ටමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වීම කැපී පෙණුනි.

මෙම තරගාවලියේ කාන්තා තෙවැනි ස්ථානය වරාය අධිකාරි කණ්ඩායම විසින්ද, පිරිමි තරගාවලියේ තෙවැනි ස්ථානය නාවික හමුදා කණ්ඩායම විසින්ද හිමිකර ගන්නා ලදී.

තරගමාලාවේ කාන්තා හා පිරිමි තෙවැනි ස්ථාන දක්වා රුපියල් 150,000 ක්, රුපියල් 100,000 ක් සහ රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග ප‍්‍රදානය කෙරුණි.  


පිරිමි අවසන් මහතරගයේ කුෂලතා සම්මාන

  • දක්ෂතම පන්දු පිරිනමන්නා -: චාමර ටිරාන් (යුද හමුදාව)
  • දක්ෂතම පන්දු ලබාගන්නා :- රොමේෂ් එරංග (යුද හමුදාව)
  • දක්ෂතම පන්දු ඔසවන්නා -: නිලංග සංජය (වරාය අධිකාරිය)
  • දක්ෂතම කී‍්‍රඩකයා -: ජනිත් සුරත් (වරාය අධිකාරිය)
  • දක්ෂතම පන්දු වළක්වන්නා -: රුමේෂ් දිසානායක  (වරාය අධිකාරිය)
  • දක්ෂතම ලිබරෝ කී‍්‍රඩිකයා -: ඒ. ඩබ්. ලක්මාල් (වරාය අධිකාරිය)


කාන්තා අවසන් මහ කුසලතා සම්මාන

  • දක්ෂතම පන්දු පිරිනමන්නිය :- ලීනා සඳමාලි (විදේශ සේවා)
  • දක්ෂතම පන්දු ලබාගන්නිය :- තේජා පංචාලි (විදේශ සේවා)
  • දක්ෂතම පන්දු ඔසවන්නිය -: ජී.එස්. රංගනී (විදේශ සේවා)
  • දක්ෂතම ප‍්‍රහාරිකාව -: දිනේෂා ප‍්‍රසාදිනී (ගුවන් හමුදාව)
  • දක්ෂතම පන්දු වළක්වන්නිය හා දක්ෂතම කී‍්‍රඩිකාව :- කාංචනා දිල්හානි (විදේශ සේවා)
  • දක්ෂතම ලිබරෝ කී‍්‍රඩිකාව -: ප‍්‍රදීපිකා සංජීවනී (විදේශ සේවා)

 

සුපර් ලීග් අවසන් තරග

ඡායාරූප : ගයාන් අමරසේකර


අදහස් (0)

වරාය කී‍්‍රඩකයෝ ශූරතාව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.