Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පැය 2 විනාඩි 25ක් පුරා ඇදුණු තරගයක දී සත්කාරක තායිවාන ක්‍රීඩා සමාජ කණ්ඩායම වට 3-2 කින් පරාජයට පත් කරමින් ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් (පිරිමි) තරගාවලියේ පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගී වූ වරාය අධිකාරි කණ්ඩායම සමත් විය.
ලකුණු 25/16, 20/25, 24/26, 25/21 හා 15/09 ක් ලෙස අද (26) පැවැති තරගයේදී තායිවාන ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වරාය ක්‍රීඩකයෝ තරගය ජය ගත්හ.
වොලිබෝල් ප්‍රවීණයකුවන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු ලේකම් සුසිල් රණසිංහ මහතා පවසන්නේ 1989 සිට ශ්‍රී ලංකාව චීන තායිපේ සමග වොලිබෝල් තරග මාලා සඳහා සහභාගී වුවත් තායිවාන කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් හමුවේ පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය බවයි. තවදුරටත් ඔහු පවසන්නේ ආසියානු ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ වොලිබෝල් තරගාවලියක දී ශ්‍රී ලංකාව ලබාත් ඉහළම ස්ථානය තායිපේ නුවරදී අද නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලියේ දී වාර්තා වූ බවයි. මෙම තරගාවලියට සහභාගී වූ රටවල් ගණන 16 කි.
ශ්‍රී ලංකාව මීට පෙර තමන් සත්කාරය දැරූ 2014 ආසියානු යොවුන් වොලිබෝල් (පිරිමි) තරගාවලියේ දී පස්වැනි ස්ථානය ලබා ඇත. කෙසේ වුවත් එය කනිෂ්ඨ තරග කාණ්ඩයට අයත් තරගාවලියකි. ඒ අතරම ශ්‍රී ලංකාව පසුගිය තරගාවලියේදී “ලංකා ලයන්ස්” නමින් ආසියානු සම්මේලන කුසලාන තරගාවලියට සූදානම් කළ පුහුණු සංචිත කණ්ඩායම සහභාගී කළ අතර එහිදී ඔවුන් තරගාවලියේ හත්වැනි ස්ථානය ලැබීය.
මේ මොහොත අන්තර්ජාතික වොලිබෝල් (පිරිමි කණ්ඩායම්) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 131 වැනි ස්ථානයේ පසුවන අතර චීන - තායිපේ 35 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන රටකි. ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුවද චීන - තායිපේ රටවල් 65 කින් 7 වැනි ස්ථානය දක්වා ඉහළ ස්ථානයක පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 14 වැනි ස්ථානයේය.
වොලිබෝල් ක්‍රීඩාවෙන් මේ වනවිට වඩාත් වෙනස් තල දෙකක පසුවන රටවල් දෙකක් වන බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජ කණ්ඩායමේතරග ජයග්‍රාහනය වඩාත් සුවිශේෂී ස්ථානයක් ගන්නා බවත් සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් පවසයි.
මේ වනවිට තායිලන්ත ජාතික ලීග් වොලිබෝල් (පිරිමි) තරගාවලියේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන ජනිත් සුරත් නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලියේ වේගවත්ම ඩෑෂ් පහර එල්ල කළ ක්‍රීඩකයන් පස්දෙනා අතරට ද ඇතුළත්ව සිටීම කැපී පෙනේ. තායිවාන ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව ජනිත් සුරත් එල්ල කළ එක් ඩෑෂ් පහරක වේගය පැයට කිලෝ මීටර 96 ක් ලෙස සටහන්ව තිබේ. තරගාවලියේ වේගවත්ම ඩෑෂ් පහර එල්ල කළ ක්‍රීඩකයාගේ එම වේගය පැයට කිලෝමීටර 107 කි.
සංචාරක වරාය කණ්ඩායම් නායක දර්ශන කුමාර ඇතුළුව ලසිදු නෙත්මල් වසන්තප්‍රිය සහ තිලෝක සංජයගේ දස්කම් ද තරගාවලිය පුරා කැපී පෙනුණි. තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජ කණ්ඩායම තරගය හැරෙන්නට තුර්ක්මෙනිස්ථානය (3/2), ඉන්දුනීසියාව (3/2), වියට්නාමය (3/1) හා ඕස්ටේ්‍රලියානු (3/1) යන ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට එරෙහිව පැවැති තරග ද ජය ගත්තේය.
එහෙත් කටාර් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය වට 3/0 කට පරාජය වීමෙන් මෙම තරගාවලියේ අවසන් පූර්ව වටය කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජ කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ වැටුණි. ඒ අනුව එතැන් සිට ඔවුන්ට සිදු වූයේ ශ්‍රේණිගත තරග සඳහා සහභාගී වීමටය.
ඉරානය (3/0) හා ජපාන (3/0) යන ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට එරෙහිව පැවැති තරග ද ශ්‍රී ලංකා වරාය ක්‍රීඩකයෝ පරාජය වූහ. කෙසේ වුවත් මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගත් ප්‍රබල ජපාන ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව එහිදී 21/25, 23/25, 21/25 ඔවුන් තියුණු සටනක් දීමත් කැපී පෙනේ.
ඉරානය තරගාවලියේ අනුශූරතාව ලබන අතර තෙවැනි ස්ථානය තේරීමේ තරග වට 3/0 කින් ජය ගැනීමට කටාර් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වූයේ ඉන්දීය ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරමිනි.
සංචාරක ශ්‍රී ලංකා වරාය අධිකාරි වොලිබෝල් කණ්ඩායම පෙරළා අද (27) දිවයිනට ළඟා වීමට නියමිතව තිබුණි. එහි පුහුණුකරු ලෙස උදය රුක්මාල් මහතාත් කළමනාකරු ලෙස උපාලි ගමගේ මහතාත් කටයුතු කළහ.
මෙම තරග සංචාරයට ශ්‍රී ලංකා වරාය ක්‍රීඩා සමාජ කණ්ඩායම අවස්ථාව හිමි කර ගත්තේ ජාතික වොලිබෝල් (පිරිමි) ශූරතාවලිය දිනා ගැනීමෙනි. එය පිට පිටම ඔවුන් තෙවතාවක්ම මේ වනවිට ජයගෙන තිබේ. එහි ක්‍රීඩක ලසිදු නෙත්මල් වසන්තප්‍රිය ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායමේ නායකත්වය දීර්ඝ කාලයක් දැරූ කාලික වසන්තප්‍රියගේ පුත්‍රයාය.
ඡායාරූප - ආසියානු වොලිබෝල් සංගමයේ නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.