Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත් කණ්ඩායම හා සබරගමුව පළාත් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ වොලිබෝල් (පිරිමි) අවසන් මහ තරගය අවලංගු කළ ක‍්‍රීඩා අමාත්‍යාංශය එහි රන් පදක්කම බස්නාහිර පළාත් කණ්ඩායමට නිල වශයෙන් ප‍්‍රදානය කිරීමට අද (3 වැනිදා) තීරණය කළේය. මෙම සිදුවීමෙන් තමන්ට අගතියක් සිදු වී තිබේ නම් නීති මගින් කටයුතු කරන ලෙසත් එහිදී ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය සබරගමුව පළාත් කණ්ඩායමට උපදෙස් දුන්නාය.
සිද්ධිය සම්බන්ධයෙන් ”ලංකාදීප”යට අදහස් දැක්වූ සබරගමුව පළාත් කණ්ඩායමේ පුහුණුකරු චමින්ද ජයරත්න මහතා එහිදී තමන්ට බලවත් අසාධාරණයක් සිදු වී තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළ බව පැවැසීය.
වෝලිබෝල් (පිරිමි) පදක්කම් ප‍්‍රදානය කෙරුණු ජයග‍්‍රාහකයන්ගේ පුවරුවට නැගුණු සබරගමුව පළාතේ වොලිබෝල් පුහුණුකරුවකු විරෝධතා පාඨ කියමින් හැසිරෙනු දක්නට ලැබුණි. කෙසේ වුවත් මෙම සිදුවීමේදී විනය විරෝධීව හැසිරුණු නිලධාරීන් හා ක‍්‍රීඩකයන්ට එරෙහිව ඉදිරියේදී පරීක්‍ෂණයක් පවත්වන බව ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ”ලංකාදීප”යට පැවසුවාය.
සබරගමුව කණ්ඩායම නියමිත වේලාවට ලියාපදිංචියට වාර්තා නොකිරීමෙන් විනය කඩ කිරීමේ චෝදනාව මත අවසන් මහ තරගයෙන් ඉවත් කිරීමට ගත් තීරණය අර්බුදයක් පැන නැංගේය. මේ අතර සබරගමුව පළාතේ ප‍්‍රබල දේශශපාලනඥයන් කීපදෙනෙකු ද මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරීන්ට දුරකථනයෙන් කතා කරමින් සබරගමුව කණ්ඩායම වොලිබෝල් අවසන් මහා තරගයට ඇතුළත් කර ගැනීමේ උත්සාහයක නිරත වූ බවද වාර්තා වේ.
ඒ අතර බස්නාහිර පළාත් ක‍්‍රීඩා ඇමැති උපාලි කොඩිකාර මහතා සම්බන්ධ කර ගනිමින් ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය දැරූ උත්සාහය ද සාර්ථක නොවූ බව වාර්තා වේ.
කෙසේ වුවත් ක‍්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් මහතා ”ලංකාදීප”යට පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් මුල සිටම එකම ස්ථාවරයක පසු වුවත් පසුව වෙනස් තීරණ ගැනීමට උත්සාහ දැරූ නිලධාරීන් කීප දෙනෙකු නිසා පසුව මෙම සිද්ධිය අර්බුදයක් දක්වා ගිය බවත්ය.
මෙම වොලිබෝල් අවසන් මහා තරගය පෙරේදා පැවැත්වීමට සූදානම් කර තිබියදී අවලංගු කෙරුණි. ජයතිලක ගෘහස්ථ පිටියේ පැවත්වීමට සූදානම් කර තිබූ තරගය ආරම්භ කිරීමට දෙපිල ක‍්‍රීඩාංගණයට කැඳවූවත් බස්නාහිර කණ්ඩායමේ විරෝධතා හේතුවෙන් තරගය අවලංගු කරනු ලැබිණ.
පසුව එම ස්ථානයේදී පිරිසක් විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් හැසිරීම නිසා පිටියේ උණුසුම්කාරී තත්ත්වයක් ද උත්සන්න විය. ඒ වනවිට තරගය නැරඹීම සඳහා ආරාධිත අමුත්තන්ද ක‍්‍රීඩාංගණයට පැමිණ තිබුණි.
වයඹ කණ්ඩායම හා දකුණු කණ්ඩායම අතර පෙරේදා පැවැති වොලිබෝල් කාන්තා අවසන් තරගය වට 3x1කට ජය ගත් වයඹ කණ්ඩායම එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
ඡයාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.