Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ශ්‍රී ලංකාව - ඉරාකය 13 වැනි තැනට සටනේ

ශ්‍රී ලංකාව - ඉරාකය 13 වැනි තැනට සටනේ

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ සුරබයා නුවරදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් තරගාවලියේ 13 වැනි සහ 14 වැනි ස්ථාන තේරීම සඳහා හෙට (31 වැනිදා) පැවැත්වෙන තරගයේදී ඉරාකයට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතය.

එම තරගය ඉන්දුනීසියාවේ වේලාවෙන් හෙට පස්වරු 2.00 ආරම්භ වීමට නියමිත අතර ඉන් ජයගන්නා කණ්ඩායම තරගාවලියට සහභාගි වී සිටින කණ්ඩායම් 16 අතරින් 13 වැනි ස්ථානයටද, පරාජය වන කණ්ඩායම 14 වැනි ස්ථානයටද පත්වේ.

තරගාවලියේ 13 වැනි සහ 14 වැනි ස්ථාන තෝරා ගැනීම සඳහා පැවැත්වෙන තරගයට සුදුසුකම් ලැබීම සඳහා තරග 2 ක් පැවැත්වුණ අතර හොං කොං රාජ්‍යය තරග වට 3-0 ක් ලෙස (25/18, 25/13, 25/17) පරාජය කරමින් ශ්‍රී ලංකාවත්, සවුදි අරාබිය තරග වට 3-0 ක් ලෙස (25/20, 25/19, 25/17) පරාජය කරමින් ඉරාකයත් එම තරගයට සුදුසුකම් ලබාගත්තේය.

එහිදී ශ්‍රී ලංකාව සහ ඉරාකය හමුවේ පරාජයට පත්වූ හොං කොං රාජ්‍යය සහ සවුදි අරාබිය හෙට දිනයේදී තරගාවලියේ 15 වැනි සහ 16 වැනි ස්ථාන තේරීමේ තරගයට සහභාගි වීමට නියමිතය.

ශ්‍රේණිගත කිරීමේ වටයේ ‘ජී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව ඉකුත් සෙනසුරාදා සවුදි අරාබියාවට එරෙහිව පැවැති තරගයේදී ඉතා තියුණු තරගයකින් අනතුරුව වට 3-1 ක් ලෙස (25/17, 27/25, 19/25, 27/25) පරාජයට පත් විය. එම පරාජයත් සමගින් ‘ජී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාවට තරගාවලියේ 13 වැනි ස්ථානයත් 16 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.

සවුදි අරාබියාව හමුවේ පරාජයට පත් වුවද, එම තරගයේදී ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ උස පන්දු ප්‍රහාරක දීප්ති රොමේෂ් ලකුණු 26 ක් රැස්කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. එම තරගයේදී ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද එය විය. ලංකා විදුහලිබල මණ්ඩල් වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන රොමේෂ්, සීදුව දවිසමර විදුහලේ ආදි සිසුවෙකි.

 

ආසියානු වොලිබෝල් තරගාවලියේ  විශේෂ අවස්ථා 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව - ඉරාකය 13 වැනි තැනට සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.