Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක්

ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පිට පිටම වට දෙකක් පරාජයට පත්වුවද නැවත අධිෂ්ඨානයෙන් නැගී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 10 වැනි ආසියානු යොවුන් බාලක වොලිබෝල් ශූරකාවලියේදී ඉන්දියාවට එරෙහිව වට 3-2 ක පෙරළිකාර ජයක් ලැබීමට ඊයේ (12) සමත් විය.

මෙම තරගය කෙතරම් උණුසුම් මුහුණුවරක් ගත්තේද යත් එය පැය 2 කට ආසන්න කාලයක් පුරා පැවැත්විණි.

10 වැනි ආසියානු යොවුන් (බාලක) වොලිබෝල් තරගාවලියේ නරඹන්නන්ගේ වඩාත්ම අවධානය දිනාගත් ඊයේ තරගයේ අවසන් භාගයේ ශ්‍රී ලංකාව ලද මෙම අනපේක්ෂිත ජයක් සමග ඔවුන් අද (13) කොරියාවට එරෙහිව තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ ශ්‍රේණිගත කිරීමේ තරගයට සහභාගි වීමට නියමිතය.

ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේ පළමු හා දෙවැනි වට අවසානයේදී ඉන්දීය පිල ලකුණු 25/15, 25/15 ක් ලෙස ජයගෙන තිබුණු බැවින් තරගය නැරඹූ බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වූයේ පිට පිටම තෙවැනි වටයේ වාසියත් ලබාගනිමින් ඔවුන් ශ්‍රී ලංකාව පරාජයට පත්කරනු ඇත යන්නයි.

එහෙත් අනපේක්ෂිත ලෙස යළි තරගයට අවතීර්ණ වුණු ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි වටය ලකණු 25/23 කින් ජයගත්තේය. තරගයේ අවසන් ප‍්‍රතිඵලය වූයේ අවසන් වට දෙකම ලකුණු 25/15 සහ 15/12 ක් ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණ තරගය 3-2 ක් ලෙසින් ජයගැනීමය.

ඒ අනුව අද නිමාවට පත්වන තරගාවලියේදී ශ්‍රී ලංකාව කොරියාවට පරාජයට පත්වුවහොත් ඔවුන්ට තරගාවලියේ හයවැනි ස්ථානය හිමිවේ.

ශ්‍රී ලංකාව අවසන් වරට ටෙහෙරාන් නුවර පැවති 9 වැනි යොවුන් ආසියානු (බාලක) වොලිබෝල් තරගාවලියේදී හිමිකරගත්තේද හයවැනි ස්ථානයයි. එහිදීද ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්වූයේ ඉන්දියාවය.

දින 9 ක් පුරා සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැති තරගාවලිය අද පස්වරු 4.00 ට පැවැත්වෙන අවසන් මහ තරගයෙන් නිමාවට පත්වේ.

පළමු අවසන් පූර්ව තරගයේදී චීන - තායිපේ පිල පරාජයට පත්කළ ජපානයද, දෙවැනි අවසන් පූර්ව තරගයේදී චීනය පරාජයට පත්කළ ඉරානයද අද (13) පැවැත්වෙන අවසන් මහතරගයට සුදුසුකම් ලබාගත්හ.

රටවල් 15ක සහභාගීත්වයෙන් මෙවර පැවැත්වෙන තරගාවලියේ ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථානය ලබන කණ්ඩායම් එළඹෙන ලෝක යොවුන් බාලක වොලිබෝල් තරගාවලිය සඳහා ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කී‍්‍රඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් මෙවර තරගාවලියේ සත්කාරය දැරීය.

ශ්‍රී ලංකාව මූලික වටයේදී සෞදි අරාබිය,  ඕස්ටේ‍්‍රලියාව සහ කසක්ස්තානය පරාජයට පත්කළේය. එහෙත් චීනයට සහ චීන තායිපේ පරාජය විය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.