Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ශී‍්‍ර ලංකාව 3-0 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි

ශී‍්‍ර ලංකාව 3-0 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන වයස 18 න් පහළ ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේ දෙවැනි දිනයේ (සෙනසුරාදා) පැවැති තරගයකදී ප‍්‍රබල  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරග වට 3-0 කින් පරාජය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජයගනිමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටින අතර සිකුරාදා පැවැති පළමු තරගයේදී සෞදි ආරාබි කණ්ඩායම පරදවා තරග ව 3-0 ක ජයක් ලබාගැනීමට සමත් විය.

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සෙනසුරාදා පැවැති තරගයේ පළමු වටය කිසිදු අපහසුතාවකින් තොරවම ලකුණු 25-17 ක් ලෙසින් ජයගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ දෙවැනි වටයේදී 25-18 ක ජයක්ද තුන්වැනි වටයේදී 25-22 ක ජයක්ද ලබාගත්හ.

පළමු වටයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් තරගය හෙට (8 වැනිදා) පස්වරු 4.00 ට කසක්ස්තාන් පිලට එරෙහිව පැවත්වේ.

මේ අතර සෙනසුරාදා පැවැති සෙසු තරග වලදී ඉරානය, චීන තායිපේ, ඉන්දියාව සහ චීනය පහසු ජයග‍්‍රහණ වාර්තා කළහ.

මෙම තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනාගන්නා කණ්ඩායම් දෙක අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 19 න් පහළ යොවුන් ලෝක වොලිබෝල් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබනු ඇත.

 


දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵල

  • ශී‍්‍ර ලංකාව විසින්  ඕස්ටේ‍්‍රලියාව පරාජය කරන ලදි. (25/17, 25/18, 25/22)
  • ඉරානය විසින් කටාර් පිල පරාජය කරන ලදි. (25/6, 25/12, 25/13)
  • චීන තායිපේ විසින් මාලදිවයින පරාජය කරන ලදි. (25/10, 25/11, 25/09)
  • ඉන්දියාව විසින් බහරේනය පරාජය කරන ලදි. (25/14, 25/17, 25/23)

 

ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

ශී‍්‍ර ලංකාව 3-0 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.