Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner සියනෑතරු - කැෂුවලයින් රන් කුසලාන දිනති

සියනෑතරු - කැෂුවලයින් රන් කුසලාන දිනති

Nisanka Sandeepani - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 14 වැනි වරටත් සංවිධානය කළ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය විසින් දිනාගන්නා ලදි. එහි කාන්තා ශූරතාව  කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජයට හිමිවිය. තරගාවලියේ අවසන් මහ තරග ඊයේ (15 වැනිදා) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් සියනෑතරු ක්‍රීඩා සමාජය විවෘත පිරිමි ශූරතාවට හිමිකම් කීවේය. අවසන් තරගයේ එක් එක් තරග වටය නිමා වූයේ ලකුණු 25-21, 25-20, 25-18 ක් ලෙසිනි. 

කැෂුවලයින් ක්‍රීඩා සමාජය විවෘත කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය හමුවේ නිතරග ජයක් ලබමිනි. විජය ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් 5 දෙනෙකු අසනීප තත්වයෙන් පසුවීම නිසා අවසන් මහ තරගයට සහභාගි වීමේ අවස්ථාව ඔවුන්ගෙන් ගිළිහී ගිය බව ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ ලේකම් නාලක ශාන්තසිරි මහතා පැවසීය. 

සියනෑතරු ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී වට 3-0 කින් ආනමඩුව රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. කෑගල්ල දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය වට 3-1 කින් පරාජය කරමින් එහිදී බලරැස් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. 

විවෘත කාන්තා අවසන් පූර්ව වටයේදී වට 3-0 ක් ලෙස රදාවාන ගෝල්ඩන් බර්ඞ්ස් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට කැෂුවලයින් ක්‍රීඩා සමාජය සමත් වූ අතර වට 3-0 ක් ලෙස සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය පරාජය කිරීමට කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සමත් විය. 

වට 3-0 ක් ලෙස රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය පරාජය කරමින් වයස 22 න් පහළ පිරිමි ශූරතාව දිනාගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය සමත් වූ අතර කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය වයස 22 න් පහළ කාන්තා ශූරතාව දිනාගත්තේ වට 3-0 ක් ලෙස මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. 

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සියනෑතරු ක්‍රීඩා සමාජයේ ජනිත සුරත් සම්මාන දිනාගත් අතර වයස 22 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ධම්මිස්සර ක්‍රීඩා සමාජයේ මහේල ඉන්දීවරද, වයස 22 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇලමෝනා ක්‍රීඩා සමාජයේ සෙව්වන්දි ගුණවර්ධනද සම්මාන ලැබූහ. 

ඩයලොග් අසියාටා සමාගමේ අනුග්‍රහය යටතේ පැවැති මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සහ වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි වූහ.  

අවසන් මහ තරග ප්‍රතිඵල

වයස 22 න් පහළ (කාන්තා) 
කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය විසින් තරග වට 3-0 ක් ලෙස මහඋස්වැව රත්නපාල ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි. (25-17, 25-10, 25-19)
 

වයස 22 න් පහළ (පිරිමි) 
නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය විසින් තරග වට 3-0 ක් ලෙස රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි. (25-21, 31-29, 25-22)

විවෘත කාන්තා  
කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය හමුවේ කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජයට නිතරග ජයක් හිමි විය. 

විවෘත පිරිමි   
ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය විසින් තරග වට 3-0 ක් ලෙස කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි. (25-21, 25-20, 25-18) 

සුවිශේෂී සම්මාන ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

විවෘත පිරිමි   
දක්ෂතම පන්දු සකසන්නා - මොරිස් චමින්ද (සියනෑතරු ක්‍රීඩා සමාජය) 
දක්ෂතම ප්‍රහාරකයා - දීප්ති රොමේෂ් (සියනෑතරු ක්‍රීඩා සමාජය) 
දක්ෂතම පන්දු පිරිනමන්නා - මලිත් දිනිඳු (සියනෑතරු ක්‍රීඩා සමාජය) 
දක්ෂතම පන්දු ලබාගන්නා - තරිඳු ශානක (බලරැස් ක්‍රීඩා සමාජය)
දක්ෂතම පන්දු අවරණය කරන්නා - මහේෂ් දිල්ෂාන් (සියනෑතරු ක්‍රීඩා සමාජය)
දක්ෂතම ආරක්ෂාකාරී ක්‍රීඩකයා - නුවන් චාමික (සියනෑතරු ක්‍රීඩා සමාජය)
වටිනාම ක්‍රීඩකයා - ජනිත සුරත් (සියනෑතරු ක්‍රීඩා සමාජය)

වයස 22 න් පහළ (පිරිමි) 
දක්ෂතම පන්දු සකසන්නා - අවිෂ්ක කෞෂල්‍ය (ධම්මිස්සර ක්‍රීඩා සමාජය) 
දක්ෂතම ප්‍රහාරකයා - කේ.බී.ඩී. ජයරත්න (ධම්මිස්සර ක්‍රීඩා සමාජය) 
දක්ෂතම ක්‍රීඩකයා - මහේල ඉන්දීවර (ධම්මිස්සර ක්‍රීඩා සමාජය) 

වයස 22 න් පහළ (කාන්තා) 
දක්ෂතම පන්දු සකසන්නිය - ප්‍රියදර්ශනී විජේසිංහ (ඇලමෝනා ක්‍රීඩා සමාජය) 
දක්ෂතම ප්‍රහාරිකාව - හර්ෂණී සේනාරත්න (ඇලමෝනා ක්‍රීඩා සමාජය) 
දක්ෂතම ක්‍රීඩිකාව - සෙව්වන්දි ගුණවර්ධන (ඇලමෝනා ක්‍රීඩා සමාජය)
 

 


අදහස් (0)

සියනෑතරු - කැෂුවලයින් රන් කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.