Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner සාෆ් කී‍්‍රඩා උළෙලට කාන්තා වොලිබෝල් තරගත්

සාෆ් කී‍්‍රඩා උළෙලට කාන්තා වොලිබෝල් තරගත්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙලෙන් ඉවත් කළ වොලිබෝල් (කාන්තා) තරග එම ක‍්‍රීඩා උළෙලට නැවත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සමස්ත ඉන්දීය ජාතික ඔලිම්පික් කමිටුවක් පසුගියදා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පැවසීය.

මෙම තීරණයත් සමග ශී‍්‍ර ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කියුබානු ජාතික රොබෙටෝ මහතා පත් කළ බවත් නාලක මහතා වැඩිදුරටත් පැවසීය.

කාන්තා වොලිබෝල් කණ්ඩායම් සහය පුහුණුකරු හා අභ්‍යාසක තනතුරු ඉදිරියේදී පැවැත්වෙන පරීක්ෂණයකින් පසුව තෝරාගැනීමට නියමිතය. එම පරීක්‍ෂණයේ වැඩිම ලකුණු ලාභියා එම ධුර සඳහා තෝරා ගැනේ.

ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙලට වොලිබෝල් (කාන්තා) ඉසව්ව ඇතුළත් කිරීමට ගත් තීරණයත් සමග කියුබානු පුහුණුකරුගේ සේවය එම ක‍්‍රීඩා උළෙල අවසන් වන තෙක් දීර්ඝ කිරීමටද ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.

ඔහුගේ ශ්‍රී ලංකා සේවය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා අවසන්වීමට නියමිතව තිබුණි.

කාන්තා වොලිබෝල් කණ්ඩායමේ සහය පුහුණුකරු හා අභ්‍යාසක තනතුරු ඉල්ලූම් කරන්නන් මෙම 15 වැනිදාට පෙර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට සිය අයදුම්පත් යොමුකළ යුතු බවත් එහි ලේකම්වරයා පවසයි.

මෙතෙක් එම ධුරයේ කටයුතු කළේ ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායමේ පුහුණුකරු ධුරයට නොබෝදා පත්වූ නමුත් දින කීපයකින් එම ධුරය අත්හැරීමට සිදුවූ ලලිත් පේ‍්‍රමලාල් මහතාය.

පිරිමි වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු ධුරය සඳහා පැවති පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබාගත් බව කියන පේ‍්‍රමලාල් මහතා ඒ සඳහා නිර්දේශ විය. එහෙත් ඒ පිළිබඳව පැවැති නැවත පරීක්ෂණයකදී ඔහුගේ ලකුණු අඩුවීම නිසා එම ධුරයට නැවත පත් කළේ දෙවනුව වැඩිම ලකුණු ලබාගෙන සිටි බව කියන චාල්ස් තිලකරත්න මහතාය.

12 වන සාෆ් ක‍්‍රීඩා උළෙල ලබන  ජනවාරි 10 වැනිදා සිට 23 වැනිදා දක්වා ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ ”ගුවහටි” හා ”සිලාන්” යන නගරවලදී පැවැත්වීමට දැන් තීරණය කර තිබේ. ඒ සම්බන්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම සඳහා  දකුණු ආසියානු ක‍්‍රීඩා සම්මේලනයේ තවත් හමුවක් පසුගිය සති අන්තයේදී නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබිණ.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ඇතුළු එහි නියෝජිතයන් පිරිසක් ඊට සහභාගිවීමට නියමිතය.

ඒ සඳහා දැනට ක‍්‍රීඩා ඉසව් 22ක් යෝජනාවී තිබුණත් තවත් ක‍්‍රීඩා ඉසව් කීපයක් ඊට එක්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක් උත්සාහ දරමින් සිටින බවද වාර්තාවේ. ඒ අතර දැනට යෝජනාවී තිබෙන ”කෝ කෝ” ඇතුළු ක‍්‍රීඩා ඉසව් කීපයක් ඉවත්කිරීමටද වෙනත්  යෝජනා ඉදිරිපත් වී තිබෙන බවද දැන ගන්නට ඇත.

මෙවර සාෆ් ක‍්‍රීඩා උළෙලෙන් ඉවත් කිරීමට යෝජනාවී තිබූ මලල ක‍්‍රීඩා ඉසව් ගණනාවක් යළි කී‍්‍රඩා උළෙලට ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකාව දැරූ උත්සාහය සාර්ථක විය.

වසර 2010 දී ”ඩකා” නුවරදී අවසන්  (11 වැනි) සාෆ් ක‍්‍රීඩා උළෙල පැවැත්වුණි.


●●●


අදහස් (0)

සාෆ් කී‍්‍රඩා උළෙලට කාන්තා වොලිබෝල් තරගත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.