Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ශූරතා වොලිබෝල් (පිරිමි) තරග සංචාරයේදී මෙතෙක් ශ්‍රී ලංකාවේ හොඳම උස පන්දු ප‍්‍රහාරකයා ලෙස පිළිගැනුණුු සමීර දිසානායක හා හොඳම පන්දු සකසන්නා ලෙස පිළිගැනුණු නිලංක සංජයගේ ස්ථාන අහිමි වී ඇතැයි වාර්තාවේ.
ඔවුන් දෙදෙනාට අමතරව හොඳම කෙටි පන්දු ප‍්‍රහාරකයෙකු ලෙස සැලකෙන රොමේෂ් හසන්ත දිසානායක හා හොඳම උසපන්දු ප‍්‍රහාරකයෙකු ලෙස සැලකෙන කසුන් අමරවීරටද ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැත්වන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.
සමීර දිසානායක වසර ගණනාවක්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ වසර වසර 15 කට ආසන්න කාලයක් එහි ක‍්‍රීඩා කළ අයෙකි. ඔහු හා නිලංක සංජය නේපාලයේ (2013) පැවැති දකුණු ආසියානු වොලිබෝල් ශූරතාවලියේදී හොඳම උස පන්දු ප‍්‍රහාරකයා හා හොඳම පන්දු ඔසවන්නාට හිමි සම්මාන දිනාගත් අය වෙති.
මේ අතර පසුගිය බදාදා (1) සුගතදාස ගෘහස්ථ පිටියේ පැවති ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ අවසන් තේරීම් විවාදයට බඳුන්වී ඇතැයි වාර්තාවේ.
ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ ඇතැම් නිලධාරින් හා පුහුණුකරුවන් කීපදෙනකු කලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතැම් ක‍්‍රීඩකයන් නිර්දේෂ කර ගෙන සිටි බවත් ඒ හේතුවෙන් දක්‍ෂයන් කීපදෙනකුගේ අවස්ථාව මෙවර මග හැරී ගිය බවටත් චෝදනා එල්ල වී තිබේ.
කෙසේවුවත් තේරීම් කමිටුවේ එක් සාමාජිකාවක් තේරීම් සඳහා සහභාගි නොවූයේ ඇය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වගකිවයුත්තන් උනන්දු නොවීම නිසා බවත් දැනගන්නට ඇත. එහිදී ඇයට තේරීම් සඳහා සහභාගි වන ලෙස පුහුණුසංචිතයේ පුහුණුකරුවකු කළ බව කියන දැනුම්දීමක් ඇය ප‍්‍රතික්ෂේප කර සිටි බවද වාර්තාවේ.
ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියට නිර්දේශිත ශ්‍රී ලංකා වොලිබෝල් (පිිරිමි) කණ්ඩායම -
ජනිත් සුරත්, ගයාන් මධුශංඛ, ප‍්‍රමේෂ් සුදසිංහ, චාමර මිහිරාන්, දීප්ති රොමේෂ් (උස් පන්දු ප‍්‍රහාරකයෝ්), කෝසල හිරණ්‍ය, අයේෂ් දිල්හාන්, ෂමිල් මලින්ද, ශානක මධුශංඛ (කෙටි පන්දු ප‍්‍රහාරකයෝ), ළසිඳු නෙත්මල් වසන්තප‍්‍රිය, මොරිස් චාමින්ද (පන්දු ඔසවන්නෝ), ඒ.ඩබ්. ලක්මාල් (ලිබරෝ කී‍්‍රඩකයා)
ප‍්‍රධාන පුහුණුකරු - සිසිර කුමාර වෙන්ඩකෝන් මහතා
සහය පුහුණුකරු - කාලික වසන්තප‍්‍රිය මහතා
අභ්‍යාසක - නලින් සම්පත් මහතා
කළමනාකරු - අයි. පී. විජේරත්න මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.