Last Update  :  2024-10-18 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව W T20 World Cup 2024 කොදෙව් ක්‍රිඩිකාවන්ට කඩුලු 6 ක ජයක්
කාන්තා වි:20 ලෝක කුසලාන

කොදෙව් ක්‍රිඩිකාවන්ට කඩුලු 6 ක ජයක්

editorial - 2024 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ස්කොට්ලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 100 ක ඉලක්කයක් හඹාගිය කෙදෙව් කාන්තා ක්‍රීඩිකාවෝ ඕවර 11.4 ක් අවසානයේ කඩුුලු 4 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. ඩීන්ඩ්‍රා ඩොටීන් (නොදැවී 28) සහ චිනෙලි හෙන්රි (නොදැවී 18) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී ලකුණු 42 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.  

පන්දු 15 කදී වාර්තා වූ ඩොටීන්‍ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 10 කදී වාර්තා වූ හෙන්රිගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය. හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 18 කින් ලකුණු 31 ක් රැස්කළ කියානා ජෝෂප් කොදෙව් ජයග්‍රහණයට මනා දායකත්වයක් ලබාදුන්නාය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අෆි ෆ්ලෙචර් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූවාය.

 

ස්කොට්ලන්ත කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 99  
(කැත්‍රින් බ්‍රයිස් 25, අයිල්සා ලිස්ටර් 26, ඩාර්සි කාටර් නොදැවී 14, අෆි ෆ්ලෙචර් 22/3)

කොදෙව් කාන්තා පිල - ඕවර 11.4 කදී කඩුලු 4 ක් දැවී 101
(කියානා ජෝෂප් 31, ඩීන්ඩ්‍රා ඩොටීන් නොදැවී 28, චිනෙලී හෙන්රි නොදැවී 18, ඔලිවියා බෙල් 18/2) 

 


අදහස් (0)

කොදෙව් ක්‍රිඩිකාවන්ට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.