Last Update  :  2024-10-18 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව W T20 World Cup 2024 බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ස්කොට්ලන්තය පරාජය කරති
කාන්තා වි:20 ලෝක කුසලාන

බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ස්කොට්ලන්තය පරාජය කරති

editorial - 2024 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කිරිමට බංග්ලාදේශය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 120 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 103 ක් පමණි. ආරම්භක පිතිකාරිණී සාරා බ්‍රයිස් පන්දු 52 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 49 ක් රැස්කළද ස්කොට්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඇය අපොහොසත් වූවාය. 

සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත් රිතූ මෝනි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූවාය. ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් මරූෆා අක්තර්, නහිඩා අක්තර්, ෆාතිමා ඛාතූන් සහ රබෙයා ඛාන් කඩුල්ල බැගින් බිඳහෙළීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 119 ක් ලබාගත් අතර බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ සෝභනා මොස්තාරී පන්දු 38 කින් ලකුණු 36 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. 

ආරම්භක පිතිකාරිණී ශාති රානී පන්දු 32 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් රැස්කරමින් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නාය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සස්කියා හෝර්ලි ඕවර 2 ක් යවමින් ලකුණු 13 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය. 


බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 119 
(ශාති රානි 29, සෝභනා මොස්තාරි 36, නිගාර් සුල්තානා 18, සස්කියා හෝර්ලි 13/3) 

ස්කොට්ලන්ත කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 103 
(සාරා බ්‍රයිස් නොදැවී 49, රිතූ මෝනි 15/2) 
 
-036 


අදහස් (0)

බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ස්කොට්ලන්තය පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.