Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව W_Asia Cup 2024 අවසන් පූර්ව තරග හෙට
ආසියානු කුසලාන කාන්තා

අවසන් පූර්ව තරග හෙට

editorial - 2024 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (26 වැනිදා) රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානයත්, ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශයත් තරග බිමට පිවිසෙනු ඇත. 

මූලික වටයේදී සහභාගි වූ තරග 3 ම ජයගනිමින් ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ලෙස අපරාජිතව ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්ව සිටින පාකිස්තානය අවසන් පූර්ව වටයට පිවිසියේ මූලික වටයේදී තරග දෙකක් ජයගෙන ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා ලෙසිනි. 

‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා ලෙස අවසන් පූර්ව වටයට පිවිසි ඉන්දියාවද මූලික වටයේදී සහභාගි වූ තරග 3 ම ජයගනිමින් අපරාජිත බව රැකගෙන සිටියි. තරග 2 ක් ජයගනිමින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ බංග්ලාදේශය අවසන් පූර්ව වටයේදී ඉන්දියාවේ ප්‍රතිවාදියා බවට පත්ව සිටියි. 

ඉන්දීය කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය අද පස්වරු 2.00 ටත්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද පස්වරු 7.00 ටත් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ 28 වැනිදාය. 

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්ව සිටින අතර තරග 3 කිදී ශතකයක් සමග ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 180 කි. එහිදී ඇගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 180 ක් ලෙසද, ප්‍රහාරාත්මක වේගය 155.17 ක් ලෙසද සටහන් වේ. 

මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභිණිය බවට පත්ව සිටින ඉන්දීය ක්‍රීඩිකා දීප්ති ශර්මා තරග 3 කදී කඩුලු 8 ක් දවාගෙන සිටින්නේ 7.00 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. එම ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයේ රැදී සිටින කාවීෂා දිල්හාරි තරග 3 කදී කඩුලු 5 ක් දවාගෙන ඇත්තේ 9.00 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. 


අදහස් (0)

අවසන් පූර්ව තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.