Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව W_Asia Cup 2024 ෆෙරෝස් - මුනීබා පාකිස්තාන ජය ඉක්මන් කරති
ආසියානු කුසලාන වි20 කාන්තා

ෆෙරෝස් - මුනීබා පාකිස්තාන ජය ඉක්මන් කරති

editorial - 2024 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස පාකිස්තාන කාන්තා පිල සහ නේපාල කාන්තා පිල අතර රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩිකාවෝ ඕවර 11.5 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ගුල් ෆෙරෝසා පන්දු 35 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 57 ක්ද, මුනීබා අලී පන්දු 34 කදී හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 46 ක්ද රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කාන්තා කණ්ඩායමට පාකිස්තාන පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි. නේපාල ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ ‍කබාතා ජෝෂි පන්දු 32 කින් නොදැවී ලකුණු 31 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 

නේපාල කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 108   
(සිටා රානා 26, පූජා මහාතෝ 25, ‍කබීතා ජෝෂි නොදැවී 31, සාදියා ඉක්බාල් 19/2) 

පාකිස්තාන කාන්තා පිල - ඕවර 11.5 කදී කඩුල්ලක් දැවී 110  
(ගුල් ෆෙරෝසා 57, මුනීබා අලී නොදැවී 46) 


අදහස් (0)

ෆෙරෝස් - මුනීබා පාකිස්තාන ජය ඉක්මන් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.