Last Update  :  2024-10-18 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Windies in SL Series 2024 දසුන් ශානකට ස්ථානය අහිමි වෙයි
කොදෙව් පිලේ ශ්‍රී ලංකා සංචාරය

දසුන් ශානකට ස්ථානය අහිමි වෙයි

editorial - 2024 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 
(දමින්ද විජේසූරිය)

මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායකයකු වන දසුන් ශානකට සිය ස්ථානය අහිමි වී තිබේ. ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ විස්සයි-20 තරගාවලියේදී (ඉන්දියාවට එරෙහිව) තරග දෙකකදීම අසාර්ථක වූ දසුන් ශානක විස්සයි-20 අන්තර්ජාතික තරග 102 කට සහභාගි වූ ක්‍රීඩකයෙකි.

කොදෙව් පිලට එරෙහි විස්සයි-20 තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගෙන ඇතත් දසුන් ශානක ඊට ඇතුළත් නොවේ. මාස 20 කින් මෙපිට විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී අර්ධ ශතකයක් ලබා නැති දසුන් ශානක සිය අවසන් ඉනිම 15 දීම ලබාගෙන ඇත්තේ ලකුණු 151 කි. ඔහුගේ අවසන් ඉනිම තුන සටහන් වන්නේ 0, 0, සහ 0 ක් ලෙසිනි.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී දසුන් ශානකගේ (තුන් ඉරියව් ක්‍රීඩකයාගේ) ස්ථානය සඳහා තරුණ ක්‍රීඩකයකු වන චමිඳු වික්‍රමසිංහ කැඳවා තිබේ. තවමත් 22 හැවිරිදි චමිඳු වික්‍රමසිංහ, ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි. දේශීය තරගාවලියේදී වික්‍රමසිංහ කොළඹ සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරයි.

චමිඳු වික්‍රමසිංහ පසුගිය ජූලි මාසයේදී ඉන්දීය පිල හමුවේ සිය ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත්තේය.

විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 03 වැනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ 08 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව අතර පැවැති ද්විපාර්ශික විස්සයි-20 තරගාවලි තුනකදීම, වසර 10 ක් ඇතුළත ශ්‍රී ලංකාව ජයගෙන නැත. වසර 2015 දී පැවැති තරගාවලිය 1-1 ක් ලෙසින් සම විය.

මේ අතර මැද පෙළ පිතිකරු ලයිස්තුවට භානුක රාජපක්‍ෂ කැඳවා තිබේ. චොක්ලට් කෑමේ රුසියකු වන භානුක රාජපක්‍ෂ, ඕනෑම අවස්ථාවකදී තරගයක් කණපිට පෙරළීමේ හැකියාවෙන් යුත් වමත් පිතිකරුවෙකි. මේ දක්වා විස්සයි-20 අන්තර්ජාතික තරග 37 කට ක්‍රීඩා කර ඇතත් 2023 ජනවාරි මාසයෙන් පසුව භානුක රාජපක්‍ෂ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර නැත.

මතීෂ පතිරණ සහ නුවන් තුෂාර දෙදෙනාම 18 දෙනාගේ සංචිතයට ඇතුළත් වුවද, මේ දෙදෙනාම මේ මස 10 වැනිදා වනවිට තම තමන්ගේ ශාරීරික යෝග්‍යතාව තහවුරු කළ යුතුව තිබේ.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය පිල අතර විස්සයි-20 තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

 

තරග කාලසටහන

■ ඔක්තෝබර් 13 - පළමු විස්සයි-20 තරගය

■ ඔක්තෝබර් 15 - දෙවැනි විස්සයි-20 තරගය

■ ඔක්තෝබර් 17 - තුන්වැනි විස්සයි-20 තරගය


අදහස් (2)

දසුන් ශානකට ස්ථානය අහිමි වෙයි
  • chinthana Friday, 04 October 2024 05:40 PM

    දසුන් හරියන්නේ වාණිජ ක්‍රිකට් ක්‍රීඩාවට. ඔහු වෙන්දේසි වෙන්නේ ඉහළ මිලගණන්වලට. ජාතික පිලට ගහද්දී ඔහු අසාර්ථකයි. වානිජ ක්‍රිකට් වලට ජාතික පිලට ගහද්දී ඔහු අසාර්ථකයි... වාණිජ ක්‍රිකට්වලට යොමුවී රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගේන්න ඔහුට පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාකිරීම නැවැත්තුවාට පස්සේ ඔහුට හොඳ ක්‍රිකට් කලමනාකරුවෙක් විය හැකියි.

    Reply 0       0

    Shanaka predip Sunday, 06 October 2024 10:24 AM

    මුල අමතක බල්ලෝ ඉන්න කල්, ඔහොම තමා, අසාර්ථක වෙනවා, ක්‍රීඩකයෝ, ඒ වුණාට හැමදාම බලය තියන අයටම තැනදෙනවා. තේරීම් කමිටුව කුසල් මෙන්ඩිස් 0000 ගියත් එයාව හැමදාම දානවා...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.